වසන්ත උත්සවයට පෙර චීන ජනපති යුද හමුදා සටන් සූදානම පිළිබඳව පරීක්ෂා කරයි
2023-01-19 19:47:20
Share with:

චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය උදා වීමට පෙර චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින්පිං මහතා බෙයිජිංහි පිහිටි Bayi ගොඩනැගිල්ලේදී වීඩියෝ ආකාරයෙන් හමුදාවේ සටන් සූදානම පිළිබඳ කටයුතු පරීක්ෂා කළේය. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා මධ්‍යම හමුදා කමිටුව වෙනුවෙන් හෙතෙම සියලුම චීන මහජන විමුක්ති හමුදා නිලධාරීන් හා භටයින්, සන්නද්ධ පොලිස් නිලධාරීන් හා භටයන්, සිවිල් හමුදා සේවකයන් හා සිවිල් යුද හමුදා සංචිත කාණ්ඩයන් වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමා ඇත.

අදාළ හමුදා සමඟ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමෙන් පසුව, ෂී ජින්පිං මහතා හමුදා සටන් සූදානම කෙරෙහි ප්‍රශංසා පළ කළේය. ජනතාව සතුටු, සාමකාමී, සුසංගත හා ආරක්ෂිත වසන්ත උත්සවයක් ගත කිරීම සහතික කිරීම සඳහා සියළු යුද හමුදා ජාතික ආරක්ෂාව හා සමාජීය ස්ථාවරත්වය ස්ථිරව සහතික කළ යුතු බවත් හදිසි ආපදා සහන යන අනතුරුදායික මෙහෙයුම් භාර ගත යුතු බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම