2023 වසරේ දී චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට සැලසුම්
2023-01-19 10:21:12
Share with:

2023 වසරේ දී චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුම Shenzhou 16, Shenzhou 17 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා සහ Tianzhou 6 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානා දියත් කිරීමට සැලසුම් කර ඇත.

ඊයේ (18) චීනයේ බෙයිජිංහි දී නිකුත් කළ 2022 චීනයේ අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ ක්‍රියාකාරකම් පිළිබඳ නිල් පොත මේ බව සඳහන් කරයි.

2023 වසරේ දී  Shenzhou 15 සහ Shenzhou 16හි කාර්ය මණ්ඩලය  එම කක්ෂයේ අඛණ්ඩව රැඳී සිටිනු ඇත. 2023 වසරේ දී මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා මෙහෙයුම් ඉහළ ඝනත්වයකින් යුත් ,බහු-නැව් සමාන්තර සංවර්ධන තත්වයක් පවත්වාගෙන යනු ඇති අතර ,සෑම මාස හයකට වරක් මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් දියත් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇත. මීට අමතරව, Shenzhou 16 සහ Shenzhou 17හි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය ජීවන ද්‍රව්‍ය, කාර්ය මණ්ඩල උපකරණ, නේවාසික පරිභෝජන උපකරණ යනාදිය ප්‍රවාහනය කිරීම සඳහා Tianzhou 6 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය 2023 වසරේ දී දියත් කිරීමට ද සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම