නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
2023-01-19 15:55:04
Share with:

කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(19) දිවුරුම් දෙති. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා එම නව කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී තිබේ.

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත්, ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම