චීනය සිය විවෘතභාවය හා සහයෝගීතාව තුළින් ලෝකයට වඩා වැඩි අවස්ථා සපයනු ඇත
2023-01-19 17:30:24
Share with:

 “විවෘතභාවය හා සහයෝගීතාව” නව යුගයේ චීන විදේශ කටයුතු හි කේන්ද්‍රීය කාරණා වේ. ලෝක ආර්ථික අවදානම ඉහළ නංවා  ආරක්ෂණවාදය ජනප්‍රිය කරවීමේ තත්ත්වයට මුහුණ දෙන චීනය විවෘතභාවය හා සහයෝගතා ගැඹුරු කිරීමේ ගමන කිසිවිටෙකත් නතර නොකරයි. චීනය විවෘතභාවයට අනුබල දෙන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විවිධ අවස්ථාවලදී ලෝකයට ප්‍රකාශ කර ඇත. ආර්ථීක ගෝලීයකරණයට ශක්තිමත් හඬක් වෙමින් විවෘතභාවය කෙරෙහි පොළඹවන චීනය ලෝක සංවර්ධනයට වඩා වැඩි අවස්ථා ලබා දෙනු ඇත. 

2022 වසරේ නොවැම්බර් මස 18 වැනිදා APEC සංවිධානයේ  නායකයින්ගේ නිල නොවන සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ 2023 වසරේ තුන්වැනි එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා නායක සමුළුව සංවිධානය කිරීමට චීනය සැලසුම් කරනු ඇති බවයි. ආසියාවේ සංවර්ධනයට හා ලෝක  සමෘද්ධියට නව ශක්තිය චීනය විසින් ලබා දෙන බව හෙතෙම පවසා ඇත.  

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු චීනයේ පැවති පළමු වැදගත් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී ෂී ජින්පිං මහතා චීනය විවෘත කිරීම පුළුල් කරන ප්‍රබල සංඥාවක් පැහැදිලිව නිකුත් කරමින් විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඉදිරි දිශාව පෙන්වා දී ඇත.

එම අදාළ ප්‍රකාශයන් සමඟ චීනය සැබවින්ම කටයුතු කරමින් සිටී.  චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, ජාත්‍යන්තර සේවා ප්‍රදර්ශනය, Canton වෙළඳ සල්පිල, පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය යන ප්‍රදර්ශන චීනය අඛණ්ඩව පවත්වා ඇත. විදේශ ආයෝජන චීනයට පිවිසීමේ සෘණාත්මක ලැයිස්තුව අඛණ්ඩව අඩු වේ. හැයිනන් නිදහස් වෙළඳ වරාය විවෘත කෙරිණ. ‘කලාපීය ආර්ථික හවුල්කාරී සබඳතා ගිවිසුම’ ඉහළ ගුණාත්මකභාවයෙන් ක්‍රියාත්මක කෙරේ.‘අන්තර් පැසිෆික් හවුල්කාරීත්වය සඳහා වන පරිපූර්ණ හා ප්‍රගතිශීලි ගිවිසුම’ සහ ‘ඩිජිටල් ආර්ථික හවුල්කාරීත්ව සබඳතා ගිවිසුම’යන ගිවිසුම්වලට එක්වීමට චීනය ඉදිරිපත් වේ.    

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් සංවර්ධනය ළඟා කර ගත් චීනය සෑම විටම සිය සංවර්ධන ජයග්‍රහණ මුළු ලෝකයටම බෙදා හැරීමට කටයුතු කර තිබේ. 

නව ඓතිහාසික අවස්ථාවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය විවෘතභාවය පිළිබඳ මූලික ප්‍රතිපත්තිය ස්ථිරව අනුගමනය කරමින් විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම පැහැදිලි කර ඇත. විවෘත චීනය සිය නව සංවර්ධනය ලෝකයට වඩා වැඩි අවස්ථා සපයනු ඇති බවට විශ්වාස කෙරේ.  

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම