75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ග්‍රාමීය මාර්ගවලට බස් රථ 1000ක්
2023-01-19 15:54:22
Share with:

ග්‍රාමීය ප්‍රදේශවල ධාවනය සඳහා ලංගම බස් රථ 1000ක් පොදු ප්‍රවාහනයට එකතු කිරීමට රජය සැලසුම් කරයි. එළඹෙන පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 75ස් වැනි නිදහස් දින සංවත්සරය වෙනුවෙන් මෙය ක්‍රියාවට නැංවේ.  

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අලුත්ම බස් රථ 225ක් එයට ඇතුළත්ය. ඊට අමතරව දැනට රියැදුරන් හා කොන්දොස්තරවරුන් නොමැති නිසා දිනකට ධාවනය නොවන බස් රථ 800කට අධික ප්‍රමාණයක්ද යළි ධාවනයට එක් කිරීමෙන් මේ බස් රථ දහස ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම