එක්සත් ජාතීන්ගේ මහලේකම් චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් එක් කරයි
2023-01-19 09:11:21
Share with:

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ චීන අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය ඊයේ(18) නිකුත් කළේය. ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කළේ මෙවර හාවාගේ වසර වෙනුවෙන් සුභාශිංසන එක් කිරීමට හැකි වීම පිලිබඳ තමන් සතුටු වන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති ශක්තිමත් හවුල්කාරිත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා චීනය දක්වන සහයෝගය පිළිබඳව ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා චීනයට ස්තූති කළේය. සුභවාදී බලාපොරොත්තු සහ නව ආරම්භයක් සමඟින් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ සතුට රැඳි අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බව ද මහලේකම්තුමා  පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම