“නව යුගයේ චීනයේ හරිත සංවර්ධනය ” ධවල පත්‍රිකාව එළි දැක්වේ
2023-01-19 11:20:30
Share with:

“නව යුගයේ චීනයේ හරිත සංවර්ධනය ” ධවල පත්‍රිකාව නිකුත් කෙරේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (19) මාධ්‍ය හමුවක් පවත්වමින් එම ධවල පත්‍රිකාව පිළිබඳ හැඳින්වීමක් කළේ ය. “නව යුගයේ චීනයේ හරිත සංවර්ධනය ” ධවල පත්‍රිකාව ගෙවුණු වසර 10යේ චීනය හරිත සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවර හා ඉන් ලද ජයග්‍රහණ සම්පිණ්ඩනය කර ඇත. චීනයේ හරිත සංවර්ධනයේ කේන්ද්‍රීය සංකල්ප හා ප්‍ර‍යෝගික අත්දැකීම් ද එම ධවල පත්‍රිකාවෙන්  විස්තර කර ඇත.

චීනයේ හරිත සංවර්ධනය චීන ජාතික තිරසර සංවර්ධනය සැලකිල්ලට ගෙන මහජනතාව කේන්ද්‍ර කර ගන්නා සංවර්ධනයකි. හරිත සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමේදී ‍සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සහ පරිසර හා ජෛව සංරක්ෂණ හා දේශගුණ විපර්යාසයන්ට මුහුණ දෙමින් සමබර සම්බන්ධතා පවත්වාගෙන යාමට චීනය කටයුතු කරමින් සිටී. පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය අනුව චීනය සැමවිටම ගෝලීය තිරසර සංවර්ධනය වෙනුවෙන් සක්‍රීය දායකත්වය ලබා දෙන බව “නව යුගයේ චීනයේ හරිත සංවර්ධනය ” ධවල පත්‍රිකාව පවසයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම