හාවාගේ අලුත් අවුරුදු නිවාඩු සමයේ නව ආර්ථික ප්‍රවණතා
2023-01-19 15:14:36
Share with:


පසුගිය දා ප්‍රකාශයට පත් 2022 චීන ආර්ථික සංඛ්‍යාලේඛනය්නට අනුව, සමස්ත චීනයේ පාරිභෝගික භාණ්ඩවල සිල්ලර අලෙවි වටිනාකම යුවාන් ට්‍රිලියන 44ක් පමණ මට්ටමේ පවතිනවා. ඉන් අන්තර්ජාල අලෙවි ගනුදෙනු වටිනාකම යුවාන් ට්‍රිලියන 12කට ළඟා වුණා. චීනය ලෝකයේ දෙවන විශාලතම පාරිභෝගික වෙළඳපොල වන අතර විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳපොල බව එමගින් සනාථ වී තිබෙනවා. සුපිරි වෙළඳපොලක ශක්තිය තවමත් කැපීපෙනෙනවා.

වසංගතය යථා තත්ත්වයට පත්වීමත් සමග එතෙක් යටපත්ව පැවති පරිභෝජන අවශ්‍යතා මුදා හැර තිබෙනවා. වසන්ත උත්සව කාලය, චීනයේ සාම්ප්‍රදායික වැදගත් පරිභෝජන සමයක් වශයෙන් විවිධාකාර පරිභෝජන ක්‍රියාකාරීත්වයන් වේගයෙන් ඉස්මතු වෙනවා. හාවාගේ වර්ෂයේ වසන්ත උත්සව සමය තුළ පාරිභෝගික ඉල්ලුමේ විශේෂ ලක්ෂණයන් ද පෙන්නුම් කෙරෙනවා. චීනයේ ප්‍රකට ඊ-වාණිජ්‍ය වේදිකාවක් වන JD හි සංඛ්‍යාලේඛනයන්ට අනුව, අලුත් අවුරුද්ද සඳහාවූ මාර්ගගත ඇණවුම් අලෙවිය ගිය වසර හා සැසඳීමේදී 70% කින් පමණ වැඩි වුණා.

තවත් විශේෂත්වයක් වශයෙන් අර්ධ නිමි ආහාර අලෙවිය සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා. 90 දශකයේ සහ 2000 වර්ෂයෙන් පසු ඉපදුණු පිරිස එහි ප්‍රධාන පාරිභෝගිකයන් බවට පත්ව සිටිනවා. ඔවුන් අර්ධ නිමි එහෙම නැත්නම් සූදානම් කරන ලද ආහාර වලට වැඩි කැමැත්තක් දක්වනවා.

ඊ-වාණිජ්‍යය වේදිකාවක සංඛ්‍යාලේඛනයන්ගෙන් දක්නට ලැබෙන්නේ, වසන්ත උත්සවයට පෙර "පවුලේ භෝජන සංග්‍රහය" සඳහා අවශ්‍ය දෑ සෙවුම් පරිමාණය ගිය වසරට වඩා 10 ගුණයකින් වැඩි වී ඇති බවයි. එහි පාරිභෝගිකයන්ගෙන් අඩකට වැඩි පිරිස 2000 වර්ෂයෙන් පසු උපත ලැබූ අයයි.

තවත් විශේෂත්වයක් වන්නේ මධ්‍යම හා දිගුකාලීන සංචාරක ව්‍යාපාරය උණුසුම් වීමයි. 2023 වසන්ත උත්සව නිවාඩු සමයේ සංචාරක ඉල්ලුම් 60%කට වැඩි ප්‍රමාණයකින් දියුණු වනු ඇතැයි අනාවැකි පළ වී තිබෙනවා. ගිය වසර හා සැසඳීමේදී ඉහළ තරු හෝටල් වෙන්කිරීම් 30%කින් පමණ වැඩි වී ඇති අතර පිට පළාත් සංචාර ඇණවුම් 80%කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වනු ඇති.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම