ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළට
2023-01-19 15:55:40
Share with:

ඉන්ෆ්ලුවෙන්සා 'ඒ' ප්‍රභේදය වැළඳුණු රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් මේ දිනයන්හි දක්නට ලැබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. පුද්ගලයන් අතරින් වාර්තා වන ඉන්ෆ්ලුවෙන්සා අනු ප්‍රභේදය වන ‘එච් වන්’ වෛරසය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ මඟින් එය තහවුරු වූ බව වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා කියා සිටී. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා ඊයේ (18) මේ බව පැවසීය.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කලින් කලට ගෝලීය වසංගතයක් ලෙස මතු විය හැකි බවත් වැසි සහිත කාලගුණයක් යටතේ මෙම වෛරසයේ වර්ධනයක් සිදු වන අතර උදෑසන පවතින අඩු උෂ්ණත්වය සහ රාත්‍රී කාලයේ පවතින සීතල උෂ්ණත්වය ද වෛරසය වර්ධනය වීමට සෘජු ලෙස බලපාන බවත් හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම