චීන-රුසියා සබඳතාව පොදු ජයග්‍රහණ ලබා ගැනීමේ නව මාර්ගය සංවර්ධනය කර ඇත
2023-01-19 18:19:47
Share with:

චීන-රුසියා සබඳතාව සහජීවනය මෙන්ම සහයෝගීතාව මගින් පොදුවේ ජයග්‍රහණ ලබා ගැනීමේ නව මාර්ගය සංවර්ධනය කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහාත අද(19) පැවති මාධ්‍ය හමුවේදී චීන-රුසියා සබඳතා පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ අදහස් පළ කර ඇත.

දෙරටේ නායකයන් නිකුත් කළ උපාය මාර්ගික මඟපෙන්වීම යටතේ චීන-රුසියා සබඳතාව අසල්වැසි රටවල් අතර සහජීවනයෙන් හා සහයෝගීතාවෙන් පොදු ජයග්‍රහණ ලබා ගැනීමේ නව මාර්ගයක් සංවර්ධනය කළ බව හෙතෙම පැවසීය. එය දෙරටේ ජනතාවට සැබෑ ප්‍රතිලාභ ගෙන දුන් අතර ගෝලීය පරිපාලන ප්‍රතිසංස්කරණයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවද ඔහු ප්‍රකාශ කළේය. නව වසරේ රුසියාව සමඟ උපායමාර්ගික හුවමාරු ශක්තිමත් කිරීම, ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම සහ ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කරමින් වඩාත් සාධාරණ ජාත්‍යන්තර පටිපාටිය ගොඩනැගීමට එක්වීමට චීනය කැමැත්තෙන් සිටී. පොදු ඉරණමක් සහිත මානව  ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට වඩා වැඩි දායකත්වයක් ලබා දීමට චීනය අපේක්ෂා පළ කරන බවද වං වෙන්බින් මහතා පවසා ඇත. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම