2022 වසරේ චීන ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය කැපී පෙනේ
2023-01-19 20:00:42
Share with:

2022 වසරේ චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ පිබිදීම සහ ජයග්‍රහණ පිළිබඳව සලකා බැලීමේදී, වසර පුරා රාජ්‍ය නායකයාගේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය විශේෂයෙන් ආකර්ශනීය වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ 2022 රාජ්‍යතාන්ත්‍රික කටයුතු පෙබරවාරි මාසයේ ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සිට මනා ලෙස ආරම්භ වී වසර අවසානයේ මැද පෙරදිග සංචාරය දක්වා නිමාවට පත් විය. එම වසරේ ෂී ජින් පිං මහතා බෙයිජිං නගරයේදී නව හා පැරණි මිතුරන් හමු වූ අතර විදේශ රටවලට ගොස් චීනයේ ස්ථාවරත්වය පැහැදිලි කළේය. ගෝලීය විපර්යාසය හා නොසන්සුන් ස්වභාවය හමුවේ, චීන ලක්ෂණ සහිත දැවැන්ත රටක රාජ්‍ය තාන්ත්‍රිකත්වය අඛණ්ඩව ඉදිරියට ‌ගෙන යමින් පවතී.

2022 දී ලෝකය විපර්යාස සහ නොසන්සුන්භාවයෙන් පිරී ඇත. නව කොරොනා වසංගතය නැවත නැවතත් පැතිරුණු අතර භූ දේශපාලනික අර්බුදකාරී තත්ත්වය උග්‍ර විය. බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව ඇතුළු බහුවිධ ගැටළු එකින් එක පැමිණෙමින් තිබේ. මානව සාමය සහ සංවර්ධනය අභියෝග රාශියකට මුහුණ දෙයි.

ගෝලීය සංවර්ධන මුලපිරීමෙන් පසුව, ෂී ජින් පිං මහතා 2022 අප්‍රේල් මාසයේ, Boao සංසදයේ වාර්ෂික සමුළුවේදී ගෝලීය ආරක්ෂක මුලපිරීම ඉදිරිපත් කළේය. ජාත්‍යන්තර ගැටුම්වල මූලාශ්‍රය ඉවත් කර ලෝකයේ දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා චීන විසඳුම් මෙයින් යෝජනා කෙරිණ.

2022 ජූනි මාසයේ, ෂී ජින් පිං මහතා BRICS රටවල නායකයින්ගේ සමුළුව අතරතුර ගෝලීය සංවර්ධනය පිළිබඳ පළමු ඉහළ මට්ටමේ සංවාදයේ මුලසුන දැරූ අතර, ගෝලීය සංවර්ධන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා චීනයේ වැදගත් පියවර 32ක් නිවේදනය කළේය. මෙය ගෝලීය සංවර්ධන සහයෝගීතාව සඳහා නව පරිච්ඡේදයකි.

2022 සැප්තැම්බර් මාසයේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශංහයි සහයෝගතා සංවිධානයේ සමර්කන්ඩ් සමුළුවට සහභාගී වූ අතර කසක්ස්ථානය සහ උස්බෙකිස්ථානය යන රටවල් දෙකේ නිල සංචාර සිදු කළේය. නව කොරොනා වසංගතය හටගත් දා සිට පළමු විදේශ සංචාරය සඳහා ජනාධිපතිවරයා පැරණි සේද මාවතේ පිහිටි මෙම වැදගත් මධ්‍යම ආසියානු රටවල් දෙක තෝරා ගත්තේය. විවිධ පාර්ශ්වයන්ගේ පොදු උත්සාහයෙන්, සමර්කන්ඩ් සමුළුව ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත.

2022 නොවැම්බර් 14 වැනිදා, ෂී ජින් පිං මහතා ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවති G20 රටවල නායක සමුළුවට සහභාගී විය. ඔහු සමුළුවේදී වැදගත් දේශනයක් පවත්වමින් පෙන්වා දුන්නේ, අභියෝග හමුවේ, විවිධ රටවල් සාමය, සංවර්ධනය, සහයෝගීතාව හා පොදු ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටිය යුතු අතර එමඟින් දුෂ්කරතා මඟහරවා ගෙන එක්ව යහපත් අනාගතයක් නිර්මාණය කළ යුතු බවයි.

ෂී ජින් පිං මහතා සිය විදෙස් සංචාර අතරතුර රටවල් 40කට වැඩි ප්‍රමාණයක රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. එමගින් අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය වී, සහයෝගීතාව ප්‍රවර්ධනය කර, මිත්‍රත්වයේ අස්වනු නෙළා ඇත. චීනයේ මිතුරු කවය පුළුල් වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම