චීන ආර්ථිකය තුළ ඇති ඔරොත්තු දීමේ හැකියාව ලෝක ආර්ථිකයට අස්වැසිල්ලක්
2023-01-19 10:22:55
Share with:

චීනයේ මෑතකදී නිකුත් කෙරුණු සංඛ්‍යාලේඛන තුළින් චීන ආර්ථිකය තුළ ඇති ඔරොත්තු දීමේ හැකියාව යළිත් පිළිබිඹු වන බව චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩලයේ සභාපති බංඩාර දිසානායක මහතා පවසයි. 2022 වසරේ චීනයේ ආනයන හා අපනයන වෙළඳාමේ මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 42 ඉක්මවා යාම ඉන් ප්‍රධාන නිර්ණායකයකි. 2021 වසරට සාපේක්ෂව එහි 7.7% ක වර්ධනයක් දක්නට ඇත. චීනයේ ජාත්‍යන්තර වෙළඳාම 2021 වසරේ සිට ඉහළ පදනමක් මත සිට අඛණ්ඩ වර්ධනයක පැවතීම ද කැපීපෙනෙන බව හෙතෙම සඳහන් කරයි. චීනය වසර 6ක් අඛණ්ඩව ලොව භාණ්ඩ වෙළඳාම පිළිබඳ ප්‍රධානතම රට ලෙසින් පැවතීම මෙම ශක්තිය තවදුරටත් තහවුරු වීමක් බවද දිසානායක මහතා කියා සිටී. විශේෂයෙන් අපනයන පමණක් නොව ආනයන අංශයෙන් ද අත්කර ගෙන ඇති මෙම වර්ධනය චීන වෙළඳපොලේ ඇති වෙළඳ අවස්ථාවන් සඳහා කදිම නිදසුනකි. ලොව ප්‍රධාන ආර්ථිකයන් රැසක ආර්ථිකය මන්දාගාමීවීමක් හෝ අවපාතයක් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කෙරෙමින් ඇති අවධියක ලොව දෙවන විශාලතම ආර්ථික ස්වභාවය ලෙසට බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙමින් දේශීය කොරෝනා අභියෝගයන්ට ද මුහුණ දෙමින් චීනය සිය ආර්ථිකය උපරිම මට්ටමෙන් සාර්ථක අයුරෙන් හැසිරවීමට ක්‍රියා කිරීම ලෝක ආර්ථිකයට මෙම වසරේ ලබා දෙන විශාලතම දායකත්වයක් බවට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩලයේ සභාපති බංඩාර දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම