2022 වසරේ චීන ආර්ථික වාර්ෂික වාර්තාව නිකුත් කෙරේ
2023-01-19 11:16:48
Share with:

චීනයේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු රැසක් ඊයේ(18) 2022 වසරේ චීන ආර්ථික ක්‍රියාකාරිත්ව වාර්තා නිකුත් කළේය. චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ අදාළ නිලධාරියා ප්‍රකාශ කළේ 2022 වසරේ චීන ආර්ථික ධාරිතාව නව මට්ටමට ළඟා වී ඇති අතර  2021 වසරේ අගයට වඩා චීන යුවාන් ට්‍රිලියන 6.1කින් වැඩි වී ඇති බවයි. චීන ආර්ථිකය තවදුරටත් ගෝලීය ආර්ථික වර්ධනයට වැදගත් ගාමක බලවේගයක් බවට පත්ව තිබේ.

චීන වාණිජ අමාත්‍යංශය ඊයේ(18) නිකුත් කළ සංඛ්‍යාලේඛනයන්ට අනුව, 2022 වසරේ චීනයේ විදේශ ආයෝජන 2021 වසරේ අගයට වඩා සියයට 6.3ක වර්ධනයක් පෙන්නුම් කරයි.

රාජ්‍ය විදේශ විනිමය පරිපාලන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ  2022 වසරේ චීන අන්තර්ජාතික මුදල් සමබරව ගලා ගිය අතර එය විදේශ විනිමය වෙළඳපොලේ ධාරිතාවය ශක්තිමත් කර ඇති බවයි.

කෘෂිකාර්මික හා ග්‍රාමීය කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ, 2022 වසරේ චීන කෘෂිකාර්මික හා ග්‍රාමීය ආර්ථිකය ලබා ගත් ප්‍රතිඵලය අපේක්ෂිත ඉලක්කය ඉක්මවා ගොස් ඇති අතර ආහාර නිපැයුම් ඉතිහාසයේ ඉහළම ප්‍රමාණය වාර්තාව වූ බවයි. දරිද්‍රතාව පිටුදැකීමේ අපේක්ෂාවන් ද තිරසරව තහවුරු කරමින් 2022 වසර පුරා ගොවියන්ගේ ඒක පුද්ගල බදු  සහ වෙනත් වැය වූ පසු ඉතිරිවන ආදායම 2021 වසරේ අගයට වඩා සියයට 4.2කින් වර්ධනය වී තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම