ඇමරිකාව වෙනත් රටවල් අවහිර කරන්නට යාමේ ප්‍රතිවිපාකය වන්නේ තම මාර්ගයම අවහිර කර ගැනීමක්
2023-01-19 17:31:35
Share with:

ඇමරිකාව අනෙකුත් රටවල් අවහිර කිරීමෙන් ලබන ප්‍රතිවිපාකය වන්නේ තමන්ගේම මාර්ගය අවහිර කිරීම පමණක් බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

ඇමරිකාව සහ යුරෝපා සංගමය මෑතකදී "උද්ධමනය අඩු කිරීමේ පනත" පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත. මුළු ලෝකයම දැවැන්ත අභියෝගයන්ට මුහුණ දී ඇති අවස්ථාවක ඇමරිකාව අසාධාරණ ලෙස සහනාධාර හෝ බදු අය කිරීම් ක්‍රියාත්මක කළහොත් ගැටළු රැසක් ඇති වීමට ඉඩ කඩ තිබෙන බව යුරෝපීය කොමිසමේ විධායක උප සභාපති  Dombrovskis පෙන්වා දුන්නේය.

ඇමරිකාවේ අදාළ පනතේ අසාධාරණ වෙළඳ ආරක්ෂණවාදී වගන්ති සිය සමීප මිතුරන් ඇතුළු බොහෝ පාර්ශ්වයන්ගේ විරුද්ධත්වය හා විවේචනයට ලක්ව ඇතැයි Wang Wenbin මහතා පැවසීය.

ඇමරිකාවේ ඒකපාර්ශ්වවාදය, ආරක්ෂණවාදය සහ අනෙකුත් රටවල සංවර්ධන අයිතිය යටපත් කොට සහ අහිමි කිරීමට දරන උත්සාහයන් වෙළඳපල රෙගුලාසි උල්ලංඝනය කරන අතර එය අසාර්ථක වනු ඇති බව ද Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම