චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල විශ්වසනීය හා අවංක මිතුරෙක්
2023-01-19 16:46:46
Share with:

2023 වසර උදාවී නොබෝ දිනකින් චීන විදේශ ඇමති ධුරයට අලුතෙන් පත්වූ චින් ගාං මහතා අප්‍රිකාවේ සංචාරයක් ආරම්භ කළේය. නව වසරක ආරම්භක කාලයේ ප්‍රථමයෙන්ම අප්‍රිකාවේ සංචාරයක් සැලසුම් කිරීම, චීන විදේශ රාජ්‍යතන්ත්‍රයේ වසර 33ක් පුරා අඛණ්ඩව අනුගමනය කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල විශ්වසනීය හා අවංක හවුල්කරුවන් ලෙසට කටයුතු කිරීම, චීනයේ ප්‍රකාශයක් පමණක් ‍නොව, ප්‍රායෝගික ක්‍රියාවන් ද වේ.

ජගත්‍ ප්‍රජාව තුළ අප්‍රිකාවේ කාර්යභාරය වැඩි වශයෙන් විදහා පෑමට සහාය වීම සඳහා, වසර 2022 නොවැම්බර් මාසයේ පැවති ජී20 කණ්ඩායමේ නායකයින්ගේ සමුළුවේදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රථමයෙන්ම, විවෘතවම, අප්‍රිකානු සංගමය ජී20 කණ්ඩායමට එක්වීමට අනුබල දැක්වීය.

අනතුරුව, අප්‍රිකාවේ ණය පීඩනය අවම කිරීමෙහි චීනය නියැළී සිටියි. අප්‍රිකානු රටවල් 17ක, වසර 2021කේ පියවීමට තිබූ පොලි රහිත  ණය සහන 23ක් අහෝසි කෙරෙන බව පසුගිය වසරේ අගෝස්තු මාසයේ චීනය ප්‍රකාශ කර තිබිණ.

වසර 2022 අග භාගයේ චීනය හා අරාබි රටවල්  අතර ඉතිහාසයේ විශාලතම හා උසස්ම රාජ්‍යතාන්‍ත්‍රික මෙහෙයුමක් සිදු කෙරිණ. ඒ, සෞදි අරාබියේ දීය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රියාද් අගනගරයට පැමිණ ප්‍රථම චීන අරාබි  නායක සමුළුව හා ප්‍රථම චීන-ගල්ෆ් අරාබි රටවල සහ‍යෝගතා කමිටු සමුළුවට එක් විය. එහිදී ඔහු සහ අරාබි රටවල නායකයින් 20 දෙනෙකු පමණ සිදු කළ හමුවීම්, පොදු ඉරණමක් සහිත චීන අරාබි ප්‍රජාවේ ගොඩනැගීම පිළිබඳව මාර්ගෝපදේශ සකසා තිබේ.

වසර 2022 නොවැම්බර් මාසයේ  දහසය වන දා රාත්‍රීයේ ෂී ජින්පිං මහතා ඉන්දුනීසියාවේ බාලි දූපතේදී, එරට ජනාධිපති Joko Widodo මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. පොදු ඉරණමක් සහිත චීන ඉන්දුනීසියානු ප්‍රජාව පොදුවේ ගොඩනැගීම පිළිබඳව එහිදී නායක දෙපළ වැදගත් එකඟතාවන්ට පැමිණ ඇත.

ගෙවී ගිය වසරේ, සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන්, චීනය සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සමානාත්මතාවයෙන් හා අවංකව ඇසුරු කරමින් එකිනෙකාට සහාය දක්වා තිබේ. අනාගතයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සමගිය හා සහයෝගතා තහවුරු කර එම රටවල් වෙනුවෙන් වඩාත් වැඩි ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දීමට චීනය අඛණ්ඩව තැත් කරනු ඇත.     

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම