වසන්ත උදාවට පෙර ජනතාව වෙත ගොස් අවුරුදු සුබ පැතුම් පිරිනැමූ චීන ජනපති
2023-01-19 16:36:08
Share with:

වසන්ත උත්සවය උදාවීමට පෙර ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ සුවදුක් හා නව වසරේ සැලැස්ම විමසමින් නව වසර පිළිගැනීමේ සතුට බෙදා ගැනීම, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ පුරුද්දකි. වසර 2012හේ චීනයේ උත්තරීතර නායකයා වීමෙන් අනතුරුව ෂී ජින්පිං මහතාගේ පා සලකුණු, පිටිසරම හා දිළිඳුම ප්‍රදේශ, සෙල්සියස් අංශක ඍණ 30ක් පමණ කඳුකර පරිසරයක පිහිටි හමුදා කඳවුරු, මුහුදු මට්ටමේ සිට මීටර් 2500ක උසින් පිහිටි සුළු ජන කොටස් ගම්මාන, කෘෂි වෙළඳසැල්, සමාජ සුබසාධන ආයතන ඇතුළු ස්ථානවලට ළඟා වී තිබිණ. ඔහු පෞද්ගලිකව එහි ජනතාවට අවුරුදු තෑගි පිරිනමා, ඔවුන් හා එක්ව අවුරුදු ආහාර පිළියෙළ කිරීම විශේෂත්වයකි.

මෙම වසරේ වසන්ත උත්සවයට පෙර, ෂී ජින්පිං මහතා ප්‍රථම වරට වීඩියෝ ආකාරයෙන් එම චාරිත්‍රය ඉටු කළේය. එමගින්, වඩාත් වැඩි පිරිසක් සහිත ස්ථානයන්හි ඔවුන් සමග මුහුණට මුහුණ සුබ පැතුම් පිරිනැමීමට ඔහුට හැකි විය.  මේ අවස්ථාවේ ඔහු විශේෂයෙන්, වසංගත පාලන පෙරමුණේ සේවය කරන වෛද්‍ය සේවකයින්, සමාජ සුබසාධන ආයතනයක වැඩිහිටියන්, බලශක්ති ව්‍යාපාරයක සේවකයින්, අධිවේගී දුම්රිය මධ්‍යස්ථානයක සේවකයින් හා එහි මගීන්, කෘෂි නිෂ්පාදිත තොග වෙළඳපොලක වෙළඳුන් හා එහි භාණ්ඩ මිලදී ගැනීමෙහි නිරතව සිටි ජනතාව, ග්‍රාමීය ප්‍රදේශයක ගම් වැසින් හමු වී පිළිසඳරෙහි යෙදී සිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම