චීනය නිහඬ කිරීමට ඇතැම් රටවල් දරණ උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකියි- මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ
2023-01-19 10:25:04
Share with:

ලෝකයෙන් කොරොනා වසංගතය තුරන් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කටයුතු කළ රටක් ලෙස චීනයට එරෙහිව ඇතැම් රටවල් ක්‍රියාත්මක කරන නීති හාස්‍යයට කරුණක් බව මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ මහතා පවසයි. රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය ‍ඖෂධ හා එන්නත් නිපදවමින් ලංකාව වෙත ලබා දුන් අනගි සහයෝගය පිළිබඳව ශ්‍රී ලාංකිකයෙක් ලෙස තමන්ට ඉතා හොඳින් අවබෝධයක් ඇති බවත්, ඒ හැර සෙසු රටවලටද එන්නත් හා ඖෂධ මෙන්ම කොවිඩ් පාලන පරීක්ෂණ කඩිනම් කරමින් සිදු කරන ලද කාර්යභාරය  කිසිසේත් අමතක කළ නොහැකි බවත් ඔහු කියා සිටී.

කොවිඩ් වසංගතය පිළිබඳව පළමු වරට හඳුනා ගැනුනේ චීනයේදී වුවද ඒ වන විටත් ඇතැම් බටහිර රටවල මෙම රෝගය ව්‍යාප්ත වූයේ ද යන්න සාධාරණ සැකයක් මතු වී තිබේ. වර්තමානයේ චීනය වසංගත ප්‍රතිපත්ති ලිහිල් කිරීමත් සමඟ චීනය හුදෙකලා කොට ඇතැම් රටවල් නඟන චෝදනා අනුව සැබැවින්ම කොරොනා යනු චීනයට එරෙහිව වෙනත් රටක් නිර්මාණය කරන ලද ජීව අවියක් දැයි තවමත් සැක සහිත බවද හෙතෙම කියා සිටී.

ලෝක ආර්ථිකයෙන් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන චීනය වසා තැබීමට හැකි නම් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇතැම් රටවල් වැඩි කැමැත්තක් දක්වනු ඇත. දැනට ඇමරිකාවේ දරුණු කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වන අවධියක ඒ පිළිබඳව කිසිඳු තැකීමකින් තොරව චීනයට චෝදනා කරනු මාධ්‍ය හරහා දැක ගැනීමට හැකිය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙසේ ක්‍රියාකිරීමෙන් සමස්ත ලෝකයටම අගතියක් සිදු වන බවත් චීනය වැනි යෝධයකු නිහඬ කිරීමට දරණ උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකි අතර බටහිර ප්‍රමුඛ රටවල් මේ අවස්ථාවේ එක්සත්ව සහ‍යෝගයෙන් කටයුතු කළ යුතු බවත් මාධ්‍යවේදී නුවන් ජූඩ් මහතා වැඩ දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම