ඇමරිකානු ආර්ථිකය අවපාතයක අභියස
2023-01-18 10:50:11
Share with:

ඇමරිකානු ආර්ථික අවපාතයකට ළඟාවෙමින් පවතින බව විවිධ ප්‍රධාන බැංකු පවසයි.

පොලී අනුපාතවල තියුණු වැඩිවීමේ බලපෑම හේතුවෙන් 2023 දී ඇමරිකානු ආර්ථික අවපාතයක් බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇති බව විශේෂඥයන් හා මූල්‍ය ආයතන රැසක් පෙන්වා දී තිබේ. ඒ අතරම, ඇමරිකානු ජනතාව ද ආර්ථික දැක්ම  පිළිබඳව ඉතා අශුභවාදීව සිටිති.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඇමරිකානු පාරිභෝගික මිල දර්ශකය 2021 වසරට වඩා 6.5% කින් ඉහළ ගොස් ඇති අතර එය ෆෙඩරල් සංචිතය විසින් නියම කරන ලද 2% කින් වර්ධනය වීම යන ඉලක්කය බෙහෙවින් ඉක්මවා යාමකි.

JP Morgan Chase සමාගමේ සාර්ව ආර්ථික අනාවැකි මගින් පෙන්නුම් කර ඇත්තේ ඇමරිකානු ආර්ථික අවපාත ප්‍රවණතාවේ මූලික ලක්ෂණ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jimmy Dimon මෑතකදී පැවසීය. මහා පරිමාණ බොල් ණය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එම සමාගම ඩොලර් බිලියන 1.4 ක මුදලක් සූදානම් කර ඇත. ඒ සමගම, Bank of America සහ Citibank යන බැංකු ද එවැනි අනාවැකි සහ අදාළ ප්‍රතිචාර විධිවිධාන සිදු කර ඇත.

"Insider"වෙබ් අඩවිය පසුගිය 16වැනිදා නිකුත් කළ මත විමසීම් දත්ත වලට අනුව, ඇමරිකානු ජාතිකයන්ගෙන් 36% ක් පමණක් විශ්වාස කරන්නේ ඉදිරි වසර පහ තුළ තම පවුලේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු වනු ඇති බවයි. එම ප්‍රතිශතය එම මත විමසීම සිදු වූ වසර 20ක ඉතිහාසයේ අඩුම ප්‍රතිශතය වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම