නව වසරේ චීන ආර්ථිකයෙන් ලෝක ආර්ථිකයට වැඩි දායකත්වයක්
2023-01-18 17:00:33
Share with:

නව වසරේ චීන ආර්ථිකය ලෝක ආර්ථිකයට වඩාත් වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ අද(18) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. වසංගත පාලන ප්‍රතිපත්තිය ප්‍රශස්තකරණය කිරීමත් සමග මෙම වසරේ චීනයේ ආර්ථික වර්ධනය කැපී පෙනෙන ලෙස කඩිනම් වන බවට විදේශ මාධ්‍ය සිදු කළ වාර්තා කෙරේ අදහස් දක්වන ලෙස එම මාධ්‍ය වේදියා වං වෙන්බින් මහතාගෙන් ඉල්ලා සිටියේය.

මෙම වසරේ චීන ආර්ථිකය අඛණ්ඩ හා වේගවත් පුනරුත්ථාපනයක් පෙන්නුම් කරනු ඇතැයි මෑතකදී ‍ජගත් ආයෝජන ආයතන රැසක් අදහස් පළ කළ බව වං වෙන්බින් මහතා කියා සිටී. චීනයේ වසංගත පාලනය නව අදියරකට පිවිසීමත් සමග නිෂ්පාදනය හා ජන ජීවිතය යළි ස්ථාවර වීම කඩිනම් වනු ඇත. ඒ සමගම ආර්ථික වර්ධනයේ දිරිගැන්වීම ශක්තිමත් වනු ඇත. වසර 2023 චීන ආර්ථිකය සමස්ථ වශයෙන් යහපත් වීමේ ප්‍රවණතාවක පවතින අතර ලෝක ආර්ථිකයට වඩාත් වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන්නේ යැයි වං වෙන්බින් මහතා ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම