මෙම වසරේ චීන ආර්ථිකය සම්බන්ධයෙන් ජගත් විද්වතුන් තුළ ධනාත්මක අපේක්ෂා
2023-01-18 11:36:12
Share with:

මෙම වසරේ චීන ආර්ථිකය සම්බන්ධයෙන් ජගත් විද්වත්හු ධනාත්මක ආකල්ප දරති.

ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ 2023 වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔවුහු චීන මාධ්‍ය සමූහය අමතමින් මේ බව සඳහන් කළහ.

ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ විධායක අධ්‍යක්ෂ Jeremy Jurgens මහතා පවසන්නේ චීනය හා ලෝකයේ සෙසු ප්‍රදේශ අතර සිදු කෙරෙන වෙළඳ ගනුදෙනු ඉතා ප්‍රබල බවයි. කොවිඩ් පාලනය සඳහා වන චීනයේ නව ප්‍රතිපත්තිවලින් ගෙන එන ධනාත්මක බලපෑම් කෙරෙහි විවිධ රටවල් අපේක්ෂාවෙන් සිටී. ගෝලීය සැපයුම් දාමයන් හි හිඟය සමනය කිරීමට එය හිතකර වනු ඇති බව ද ඔහු කීය.

ඕස්ට්‍රේලියානු හිටපු අග්‍රාමාත්‍ය Kevin Michael Rudd මහතා මෙම වසරේ චීන ආර්ථිකය ස්ථාවර වර්ධනයක් ඉටු කරනු ඇති බව අපේක්ෂා පළ කරයි. වර්තමානයේ යුරෝප ආර්ථිකය පිරිහීමට මුහුණ දෙමින් සිටී. ඇමරිකානු ආර්ථික වර්ධන දිශානතිය අස්ථිර තත්ත්වයක පසු වෙයි. සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් දුෂ්කර තත්ත්වයන් හි එල්බ සිටී. මෙම වසර තුළ චීන ආර්ථිකයට සතුටුදායක වර්ධනයක් අත්කර ගැනීමට හැකි වුවහොත් වසරේ ලෝක ආර්ථික වර්ධනයට විශාල පිටුබලයක් ලබා දිය හැකි වෙතැයි හෙතෙම විශ්වාසය පළ කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම