විද්‍යාව හා තාත්ෂණය යොදාගෙන නවීකරණය වූ රටවල් අතර චීනය ඉදිරියෙන් - මහාචාර්ය සමන් තිලකසිරි
2023-01-18 09:25:03
Share with:

චීනය සිය සංවර්ධන ජයග්‍රහණ ලොව සෙසු රටවල් සමග බෙදා ගැනීමට උත්සුකවීම පැසසිය යුතු කරුණක් බව මහාචාර්ය සමන් තිලකසිරි මහතා පවසයි. එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හරහා චීනය ඊට අවතීර්ණවී සිටී. පසුගිය දශක තුන තුළ විද්‍යාව හා තාත්ෂණය යොදාගෙන නවීකරණය වූ රටවල් අතර චීනය ඉදිරියටම පැමිණ ඇත. 1978දී විවෘතභාව හා ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව චීනයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත ක්ෂේත්‍රය, ජාතික ආරක්ෂාව සහ අනෙකුත් ක්ෂේත්‍රවල වේගවත් දියුණුවක් දැකිය හැකිවිය. සෙසු රටවලට ද එය ආදර්ශයට ගත හැකිය. චීනය අද වන විට කර්මාන්තවලට, රෙදිපිලි නිෂ්පාදනයට, මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය නවීකරණය ආදියට කෘත්‍රිම බුද්ධිය හො රොබෝ තාක්ෂණය භාවිතය තුළින්ද නවීන තාක්ෂණය භාවිත කරන ආකාරය පැහැදිලිය. ඔවුන්ට ම ආවේනික තාක්ෂණයක් භාවිත කරමින් දේශීය හා අන්තර්ජාතික සබඳතා ගොඩනගා ගැනීමක් දිස්වේ. බටහිර රටවල මානව සම්පත් කළමණාකරණය අභිබවා ගිය මානව සම්පතේ විනය කෙරෙහි චීනය අවධානය යොමු කරයි. පාසල්, විශ්වවිද්‍යාලවල, කාර්මික විද්‍යාල ආදියෙහි ද කම්කරුවන්, නිලධාරීන් කෙරෙහි ද විනය මත ක්‍රිය කිරීම සිදු කෙරේ. එය චීනයේ සංවර්ධනයට බොහෝ‍ සෙයින් දායකවී ඇති බවට පැහැදිලි යැයි ද මහාචාර්ය සමන් තිලකසිරි මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම