විද්‍යාව හා යථාර්ථයට අනුගතව චීනයට වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තිය අදාළ රටවල් වහා වෙනස් කර ගත යුතුයි
2023-01-18 19:38:29
Share with:

චීනය වසංගත වැළැක්වීමේ සහ පාලනය කිරීමේ නව අදියරකට පිවිසීමෙන් පසුව, චීනය හා විදේශ රටවල් අතර පුද්ගල හුවමාරුව පෙරට වඩා පහසු වීම ජගත් ප්‍රජාවේ පිළිගැනීමට ලක්ව ඇත. එහෙත් ඇතැම් රටවල් විද්‍යාව හා යථාර්ථය නොසලකා චීන සංචාරකයින් කෙරෙහි වෙනස් කොට සැලකීමේ සීමා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර තිබේ. චීනය එම රටවලට ද සීමා ප්‍රතිපත්ති ප්‍රතිචාරය දැක්වීමට හේතුව තම රටේ ජනතාවගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පමණක් නොව, රටවල් අතර විධිමත් හුවමාරු හා සහයෝගීතාව පැවැත්වීමේ අවශ්‍ය පරිසරයක් සහතික කිරීමටයි.

චීන සංචාරකයින්ට වෙනස් කොට සලකන රටවල් කිහිපය අතර ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව ඉදිරියෙන් ඇත. ඇමරිකාව ඊනියා "ඉන්දු-පැසිෆික් උපායමාර්ගය"  ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම යටතේ, ඇමරිකාවේ ප්‍රධාන ආසියානු හවුකාරීන් ලෙස ජපානය හා දකුණු කොරියාව සිටී.ඇමරිකාව ඔවුන් හා එක්ව චීන සංචාරකයින්ට එරෙහිව සීමා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අහම්බයක් නොවේ. අදාළ රටවල් දෙක ඉදිරිපත් කරන ලද "විද්‍යාත්මක වසංගත වැළැක්වීම" සහ "ජනතාව ආරක්ෂා කිරීම" වැනි කියමන් හි පදනමක් නොමැත.

දැනට චීනයේ පවතින  වෛරස් ප්‍රභේද ඊට පෙර ද ලොව පුරා ව්‍යාප්ත වී ඇති බව ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයෝ ප්‍රකාශ කළහ. 

චීනය, ජපානය සහ දකුණු කොරියාව සමීප අසල්වැසි රටවල් ත්‍රිත්වයකි. ගත වූ වසර තුන තුළ, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත්ව කටයුතු කර ඇත. දැනට මතුව ඇති දේශසීමාවට ඇතුල්වීමේ සීමා ගැටළුව කණගාටුදායකය. එහෙත් ඒ වගකීම චීනයට භාර ගත නොහැකිය. වසංගතයේ නව තත්වයට මුහුණ දෙන ජපානය, දකුණු කොරියාව සහ වෙනත් රටවල් විද්‍යාවට ගරු කළ යුතු අතර හැකි විගසින් චීනයට එරෙහිව පනවා ඇති වෙනස් කොට සැලකීමේ සීමා ඉවත් කර සාමාන්‍ය පුද්ගල හුවමාරුව යළි ක්‍රියාත්මක කළ යුතුය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දේශපාලන උපායමාර්ග ක්‍රියාත්මක කළහොත් රටවල් අතර හුවමාරු සහ සහයෝගතාවයට සිදුවන්නේ විනාශයක් පමණකි. 

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම