නව වසරේ ගෙවුනු කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්
2023-01-18 16:06:39
Share with:
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 47,353 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 12,064කි.
මීට අමතරව ඉන්දියාවෙන්, ජර්මනියෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ ප්‍රංශයෙන් වැඩි පිරිසක් පැමිණ ඇත. මේ වසරේ ජනවාරි මාසය තුළ සංචාරකයින් 105,000ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.