චීන විදේශ අමාත්‍යවරයා මැලේසියානු විදේශ අමාත්‍යවරයා සමඟ දුරකථන සංවාදයක
2023-01-18 09:39:11
Share with:

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ (17) මැලේසියානු විදේශ අමාත්‍ය Zambry Abdul Kadir මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

චීන-මැලේසියා පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව පිහිටුවීමේ 10 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් වන බවත්, ලබන වසරේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් වන බවත් Qin Gang මහතා පැවසීය. ද්විපාර්ශ්වික සබඳතා නව තලයකට ගෙන ඒම සඳහා මෙම අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම සඳහා මැලේසියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. චීන-මැලේසියා සහයෝගිතා ඉහළ මට්ටමේ කමිටුව වැනි යාන්ත්‍රණයන් තුළ වැඩි කාර්යභාරයක් ඉටු කෙරෙන අතර, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒකාබද්ධව ක්‍රියාත්මක  කිරීමේදී උසස් තත්ත්වයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කිරීමට  මැලේසියාවේ නව රජය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය. චීන-ආසියන් සංගම් පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය වඩාත් ගැඹුරු සහ ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා මැලේසියානු පාර්ශ්වය සමඟ කටයුතු කිරීමට චීනය බලාපොරොත්තුවෙන් සිටී. එසේම, මැලේසියානු රජය ඇතුළු සියළු ක්ෂේත්‍ර චීනයේ වසංගත වැළැක්වීමේ ප්‍රතිපත්තිය පිළිබඳව යුක්ති සහගත සහ සාධාරණ දැක්මක් දරන බවත් චීන සංචාරකයින් මැලේසියාව පිළිගැනීම  චීනය එය අගය කරන බවත් Qin Gang මහතා පැවසීය.

චීනය වැදගත් හවුල්කරුවෙකු ලෙස මැලේසියාව සලකන බවත් චීනය සමඟ ඇති සබඳතාවලට විශාල වැදගත්කමක් ලබා දෙන බවත් Zambry Abdul Kadir මහතා එහිදී පැවසීය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ සහයෝගිතා විභවය ගැඹුරින් ප්‍රයෝජනයට ගැනීමට සහ මැලේසියා-චීන සබඳතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට තම රට කැමති බවත්  හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම