ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ 2023 සමුළුවට චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් දේශනයක්
2023-01-18 09:54:09
Share with:

චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලියු හ මහතා ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ 2023 වාර්ෂික සමුළුවට එක්වෙයි.

ඔහු ඊයේ (17) එම සමුළුවට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. පසුගිය දා පැවති චීන මධ්‍යම රජයේ ආර්ථික කටයුතු රැස්වීම පිළිබඳව ඔහු සිය දේශනයේ දී විග්‍රහ කළේ ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණයට අනුව එම ආර්ථික කටයුතු රැස්වීම අවධාරණය කළේ සංවර්ධනයේ එල්බ සිටීම , සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ දිශානතිය, නීතියේ පාලනය සහ නවෝත්පාදනය ඉතා  වැදගත් බවයි. මේ වසරේ චීන ආර්ථිකය සමස්ත වශයෙන් යහපත් අතට හැරෙනු ඇතැයි ද ලියු හ මහතා එහිදී පැවසීය. චීනයේ මූලික දේශීය තත්ත්ව හේතු කර ගනිමින්, විදේශයන් කෙරේ විවෘත වීමේ ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවත්, චීනය ඒකපාර්ශ්වවාදයට හා ආරක්ෂණවාදයට විරුද්ධ වන බවත්, චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ‌පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම