සියලු රටවල් සමග සාමකාමීව යුක්රේන අර්බුදය විසඳීමට චීනයේ උපරිම සහාය
2023-01-18 11:18:38
Share with:

යුක්රේන අර්බුදය විසඳීම වෙනුවෙන් සංවාදය හා සාකච්ඡාව ප්‍රායෝගික ම ක්‍රමය බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය උප නියෝජිත Dai Bing මහතා ඊයේ(17) ආරක්ෂක මණ්ඩලයේ පැවති යුක්රේන ප්‍රශ්නය පිළිබඳ සමුළුවේදී පැවසුවේ ගැටුම තුළ ජයග්‍රාහකයන් නොමැති අතර සංවාදය හා සාකච්ඡාව යුක්රේන අර්බුදය විසඳීමේ ප්‍රායෝගික ම ක්‍රමය  බවයි. වත්මන් යුක්රේන අර්බුදය සම්බන්ධ විවිධ ප්‍රශ්න මතු වෙමින් ආගමික, සංස්කෘතික හා සමාජීය අන්‍යෝන්‍ය ගැටීම් හා එරෙහි වීම් දැඩිව උග්‍ර වෙමින් පවතී. අදාළ පාර්ශ්ව සංහිඳියා ආකල්පයකින් යුතුව සංවාද පවත්වමින් දේශපාලන ක්‍රමයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයේ පොදු අවධානයට ලක් වන ප්‍රශ්න විසඳීමට උත්සාහ කරනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරයි. පසුගිය සතියේ ආරක්ෂක මණ්ඩලයේ පැවති යුක්රේන ප්‍රශ්න සමුළුවේදී බොහෝ රටවල් අවධාරණය කර ඇත්තේ 2023 වසර සාමකාමී වසරක් බවට පත් විය යුතු බව  යැයිද Dai Bing මහතා කීවේය. සාමයට ආදරය කරන සියලු රටවල් සමග සාමකාමීව යුක්රේන අර්බුදය විසඳීම වෙනුවෙන් අර්ථකාරී දායකත්වය දැරීමට චීනය තිරසරව උත්සාහ දරනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම