පළමු පාසල් වාරයට පෙර ගුරුවරුන් 34,000ක් බඳවා ගැනීමට සැලසුම්
2023-01-18 16:09:17
Share with:

මේ වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර මෙරට ගුරු සේවය සඳහා උපාධිධාරීන් හා විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් ලෙස ගුරුවරුන් 34,000ක් බඳවා ගැනීමට රජය සැලසුම් කරයි.

රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26,000ක් හා විද්‍යා පීඨවලින් පිටමං වූ ඩිප්ලෝමාධාරීන් 8000ක් ද වශයෙන් මේ පිරිස බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක බඳවා ගැනීම් සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවත්, එම අනුමැතිය ලද වහාම අදාළ නිවේදනය නිකුත් කරන බවත් ඇමතිවරයා කීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම