පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම 18 වැනිදා සිට
2023-01-18 16:08:23
Share with:

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද(18) සිට සිදුකෙරේ. නාමයෝජනා භාර ගැනීම ලබන 21වැනිදා දහවල් 12.00ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය ලබන 20 වැනිදායින් අවසන් වේ. 17 වැනිදා වනවිට දේශපාලන පක්ෂ රැසක් මෙන්ම ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර තිබිණ.

නාමයෝජනා භාරගැනීමේ කටයුතු අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම