"ලොව දැවැන්තම සංවර්ධනය පිළිබඳ කතාව තවදුරටත් හිමි චීනයට යි"
2023-01-18 10:21:43
Share with:

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය 2022 වසරේ ජාතික ආර්ථික දත්ත ඊයේ (17) නිකුත් කළේය. මූලික ගණනය කිරීම්වලට අනුව, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ යුවාන් ට්‍රිලියන 121දක්වා ළඟා වූ අතර, එය ස්ථාවර මිල ගණන් යටතේ පෙර වසරට වඩා සියයට 3 ක වැඩිවීමකි. 2020 දී යුවාන් ට්‍රිලියන 100 සහ 2021 දී යුවාන් ට්‍රිලියන 110 ඉක්මවීමෙන් පසු චීනයේ ආර්ථික සමස්තය යුවාන් ට්‍රිලියන 120 ඉක්මවා නව මට්ටමකට ළඟා වූ පළමු අවස්ථාව මෙයයි.

භූ දේශපාලන කැළඹීම, ලෝක ආර්ථිකයේ වර්ධනය වෙමින් පවතින අවාසි සහගත අවදානම් සහ චීනයේ COVID-19 වසංගතය පැතිර යාම වැනි අනපේක්ෂිත බහුවිධ සාධකවල බලපෑම් තිබියදී, චීන ආර්ථිකය තුළ මෙවන් නව වාර්තා පිහිටුවීම පහසු නැත. ගෝලීය වශයෙන්, 2022 දී චීන ආර්ථිකයේ 3% වර්ධන වේගය බොහෝ ප්‍රධාන ආර්ථිකයන්ට වඩා වැඩි වන අතර, එය ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව සහ ජීව ශක්තිය පෙන්නුම් කරයි.

චීනයේ වසංගත වැළැක්වීම සහ පාලනය නව අදියරකට පිවිසෙන විට, වඩා ප්‍රබල ආර්ථික ජීව ශක්තියක් මුදාහැරේ. HSBC Global Research හි මහා චීන කලාපයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Jing Liu පවසන්නේ, දෙවන කාර්තුවේ සිට ආර්ථිකය මනා ශක්තියකින් යුතුව ප්‍රකෘතිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva ද පසුගියදා ප්‍රකාශ කළේ, 2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ වැදගත්ම සාධකය බවට චීන ආර්ථිකය පත්වීමට ඉඩ ඇති බවයි.

ජාත්‍යන්තර පරිසරයේ සංකීර්ණ වෙනස්කම් හමුවේ, ගෝලීය සංවර්ධනයට ගාමක බලවේගයක් නොමැති වුවද, වසර ගණනාවක් පුරා සැකසුණු ශක්තිමත් පදනම හා විශාලත්වයේ වාසි හේතුවෙන් නව වසරේ චීන ආර්ථිකය, සමස්ත දියුණුවක් කෙරෙහි විශ්වාසයෙන් පසුවෙයි. ජාත්‍යන්තර තලයේ කීර්තිමත් ව්‍යවසායකයෙකු  මෙන්ම ආයෝජකයෙකු වන Lars Tvede,  පසුගිය දා පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියාසිටියේ, "ලොව දැවැන්තම සංවර්ධනය පිළිබඳ කතාව තවමත් හිමි චීනයට" බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම