සාම්ප්‍රදායික නව වසරේදී චීන ජනපති ජනතාව සමඟ
2023-01-17 19:24:34
Share with:

චීන සාම්ප්‍රදායික නව වසර උදා වන සෑම විටම, ජනාධිපති ෂී ජින් පිං මහතා ජනතාව සමඟ රැ‍ඳෙමින් නව වසරට සුබපැතුම් පිරිනැමීම සිදු කරයි.

2014 දී චීන සාම්ප්‍රදායික නව වසර උදාවීමට පෙර දිනයේදී, ෂී ජින් පිං මහතා, ඇතුළු මොංගෝලියානු ස්වායත්තයට ගොස් එහි ජිවත් වන මොංගෝලියානු ජාතිකයන් ඇතුළු රටේ සමස්ථ ජනතාවට සුබපැතුම් යොමු කළේය. ජනතාවගේ වෘත්තිය සහ ජීවිතය, ඇතුළු මොංගෝලියාවේ වේගවත් අශ්වයා මෙන්ම ධාවනය වනු ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී බලාපොරොත්තු පළ කර ඇත.

2015 දී චීන සාම්ප්‍රදායික නව වසර උදාවීමට පෙර දිනයේදී, ෂී ජින් පිං මහතා නව වසර වෙනුවෙන් පිටි සහ හාල් ඇතුළු අවශ්‍ය දේ මිලදී ගෙන සිය උපන් පළාතේ පිහිටි Liangjiahe ගම්මානයට ගියේය. එමඟින් ෂී ජින් පිං මහතා එහි වැසියන්ට රැකවරණය පිළිබඳ සිතිවිල්ල ජනිත කොට ඇත.

2016 දී නව වසර උදාවීමට පෙර දිනයේදී, ෂී ජින් පිං මහතා Jiangxi පළාතේ පැරණි විප්ලව ස්ථානයක් වන Shenshan ගම්මානයේ සංචාරය කර තිබේ. එහිදී ඔහු ගම්වැසියන් සමඟ නව වසර වෙනුවෙන් ආහාර සැකසීය. ඊට අමතරව, චීනයේ Shandong පළාතේ Linyi, Fujian පළාතේ Gutian ඇතුළු විවිධ පැරණි විප්ලව ස්ථානවලට ද ෂී ජින් පිං මහතා සංචාරය කර තිබේ.

වත්මන් චීනය ග්‍රාමීය ජනතාව දරිද්‍රතාවයෙන් මුදාගැනීමට සමත්ව ඇත. ජනතාවට තෘප්තිමත් ජීවිතයක් ලබාදීමට චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛත්වය දෙන අතර , ඉදිරියේ ජනතාවගේ ජීවිතය වඩාත් යහපත් වනු ඇතැයි ෂී ජින් පිං මහතා එහි පුරවැසියන්ට සංචාරයන්හිදී පවසා තිබේ.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම