චීනයේ කොවිඩ් මර්දනය පුළුල්ව විහිදුණු සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක්
2023-01-17 09:16:14
Share with:

ඕනෑම රටක ආර්ථික වර්ධනය පිළිබඳ වගකීම එරට ජනතාවට, දේශපාලකයින්ට හෝ ප්‍රතිපත්ති සම්පාදකයින්ට කිසිදු ආකාරයෙන් පැහැර හැරිය නොහැකි බව කළමණාකරණ උපදේශක ආචාර්ය සරත් බුද්ධදාස මහතා ප්‍රකාශ කළේය. රටක ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා කටයුතු කිරීමට මේ සියලු පාර්ශ්වයන්ට වගකීමක් ඇත. චීනයේ පරිපාලනය එම වගකීම නිසි ලෙස හඳුනාගෙන, ගෙවුණු වසර තුන තුළ කොවිඩ් වසංගතය ඉතා සාර්ථකව හා ඵලදායීව කළමනාකරණය කර ගැනීමට සමත් විය.

චීනය කොවිඩ් මර්දනය සඳහා පුළුල්ව විහිදුණු සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක් අනුගමනය කළේය. ලෝකයේම දරුණු ලෙස ව්‍යාප්ත වූ මේ වසංගතයේ බලපෑම පිළිබඳ සංඛ්‍යාලේඛන සලකා බලන විට චීනයට සිදු වූ බලපෑම අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. එයට ප්‍රමුඛතම හේතුව වූයේ ඔවුන්ගේ වසංගත පාලන වැඩසටහනේ මනා කළමනාකරණය බව හෙතෙම කියා සිටී.

චීනය සිය ආර්ථිකය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට මෙන්ම ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරීමට වැඩි අවධානයක් යොමු කළේය. වර්තමානයේ ලෝකයම ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටින මොහොතක වුව ද, මෙම සියලු අභියෝග හමුවේ තිරසර ආර්ථිකයක් පවත්වා ගෙන යාමට චීනය සමත් වීම සුවිශේෂී වේ. නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් චීනය ක්‍රියාත්මක කළ මෙම ආර්ථික, සෞඛ්‍ය කළමනාකරණය ආකෘතිය ලොව අන් රටවල ස්ථාවරභාවය සඳහා පූර්වාදර්ශයට ගත හැකි බව ද ආචාර්ය සරත් බුද්ධදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම