ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය
2023-01-17 17:02:33
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයේ සංචාරය කිරීම චීනය පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (17) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඇමරිකා මාධ්‍ය වාර්තාවට අනුව, ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා එළඹෙන 5 වැනිදා චීනයට පැමිණ චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා සමඟ සාකච්ඡා පවත්වනු ඇත.මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වං වෙන්බින් මහතා මේ පිළිබඳව සඳහන් කළේය.

Antony Blinken මහතා චීනයට පැමිණ සංචාරය කිරීම චීනය පිළි ගන්නා බවත් අදාළ විස්තර කාලසටහන පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු පවත්වමින් සිටින බවත් හෙතෙම කියා සිටී. 

ඇමරිකාව දෙරටේ නායකයන් එළඹුණු වැදගත් එකඟතාවන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින් චීන - ඇමරිකා සබඳතා විධිමත් මෙන්ම ස්ථාවර සංවර්ධන මාර්ගයට යළි පැමිණීමට පෙළඹීම චීනය අපේක්ෂා කරන බවද වං වෙන්බින් මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම