ඇමරිකාවේ නව සම්බාධක සිරියාව දැඩි ලෙස හෙළා දකී
2023-01-17 09:12:06
Share with:

ඇමරිකාව සිය වෛද්‍ය අංශයට නව සම්බාධක පැනවීම සිරියාවේ විදේශ අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා දකී

සිරියානු වෛද්‍ය අංශයට ඇමරිකානු කර්මාන්ත හා ආරක්ෂක දෙපාර්තමේන්තුව පනවා ඇති නව සම්බාධක දැඩි ලෙස හෙළා දකිමින් සිරියානු විදේශ අමාත්‍යාංශය ඊයේ(16) නිවේදනයක් නිකුත් කළ බව සිරියානු අරාබි පුවත් ඒජන්සිය වාර්තා කළේය.

 ළමා රෝහල් ඇතුළු සිරියානු රජයේ සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවල සේවා සැපයීම, වෛද්‍ය උපකරණ සඳහා වන දායකත්වය සහ අලෙවිය සීමා කිරීම මෙම පියවරයන්ට ඇතුළත් වේ.

ඇමරිකාව විසින් සිරියානු ජනතාව මත පනවා ඇති නව අමානුෂික ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දකින බව ප්‍රකාශ කළ සිරියානු විදේශ අමාත්‍යාංශය, එය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ද ප්‍රකාශ කර ඇත. මෙය සිරියානු රජය සහ ජාත්‍යන්තර සංවිධාන සිරියාවේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ,සිරියානු ජනතාවට අවශ්‍ය වෛද්‍ය සේවා සැපයීමට බාධා කිරීමක් බව ද පැවසීය. මෙම සතුරු ක්‍රියා නතර කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස සිරියානු විදේශ අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම