2023 ලෝක ආර්ථික සංසදය ආරම්භ වේ
2023-01-17 09:14:37
Share with:

ලෝක ආර්ථික සංසදයේ 2023 වාර්ෂික රැස්වීම ආරම්භ වේ. එම රැස්වීමේ සමාරම්භක උත්සවය ඊයේ (16) ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර දී පැවැත්විණ. ලොව වඩාත්ම වැදගත් ආර්ථික සංසදයක් වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේ මෙවර තේමාව වන්නේ "බෙදී ගිය ලෝකයක සහයෝගීතාව ශක්තිමත් කිරීම" යන්නයි.

ලොව පුරා රටවල් සහ කලාප 130කින් විවිධ මට්ටම්වල නායකයින් 2,700කට වැඩි පිරිසක් මෙම සමුළුවට සහභාගී වේ. එමෙන්ම රාජ්‍ය නායකයන් හා රජයේ ප්‍රධානීන් 50 දෙනෙකු පමණ සහ සියලුම ප්‍රධාන ආර්ථිකයන්හි කැබිනට් අමාත්‍යවරු 200ක් පමණ ඇතුළත් වේ. එසේම, වැදගත් ජාත්‍යන්තර සංවිධානවල නායකයින්, විවිධ කර්මාන්තවල ව්‍යාපාරික නායකයින් සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ විද්වතුන් ද මෙම සමුළුවට සහභාගී වේ.

මෙවර සංසද‍යේ දී ප්‍රධාන මාතෘකා පහක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. වත්මන් බලශක්ති හා ආහාර අර්බුදය විසඳන්නේ කෙසේද, වර්තමාන පවතින ඉහළ උද්ධමනය සහ ඉහළ ණය අනුපාතය සමඟ කටයුතු කරන්නේ කෙසේද, පවතින කාර්මික අවපාතය සමඟ කටයුතු කරන්නේ කෙසේද, වත්මන් සමාජ අවදානම විසඳන්නේ කෙසේද සහ වර්තමාන භූ දේශපාලනික අවදානම් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම