ඉදිරි මාස 12 තුළ ඇමරිකා ආර්ථිකය අවපාතයකට ලක්වීමේ සම්භාවිතාව ඉහළට
2023-01-17 09:37:20
Share with:

The Wall Street Journal පුවත්පත පසුගිය 15වැනිදා පළ කළ නවතම කාර්තු සමීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව, ඇමරිකා ෆෙඩරල් සංචිතයේ ආක්‍රමණශීලී පොලී අනුපාත ඉහල දැමීමේ පසුබිම යටතේ, ඇමරිකානු ආර්ථිකය ඉදිරි වසරක් තුළ මෘදු අවපාතයකට මුහුණ දෙනු ඇති බවට, ආර්ථික විද්‍යාඥයෝ අපේක්ෂා කරති.

ජනවාරි 6 සිට 10 දක්වා  ආර්ථික විද්‍යාඥයින් 71 දෙනෙකු සමීක්ෂණයට එක්ව තිබේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75% විශ්වාස කළේ, ෆෙඩරල් සංචිතය ආර්ථික වර්ධනය මන්දගාමී වීමෙන් උද්ධමනය අඩු කිරීමට අපේක්ෂා කරන නමුත්, ආර්ථිකයේ ‘මෘදු ගොඩබෑමක්’ සිදු නොවනු ඇති බවයි. ඉහළ උද්ධමනය සහ එය මැඩපැවැත්වීමට ෆෙඩරල් සංචිතයේ ප්‍රතිපත්තිමය උත්සාහයන් මේ වසරේ ඇමරිකානු ආර්ථිකය මුහුණ දෙන විශාලතම අවදානම වනු ඇත. ඉදිරි මාස 12 තුළ ඇමරිකානු ආර්ථිකය අවපාතයකට ලක්වීමේ සම්භාවිතාව 61% තරම් ඉහළ අගයක් ගනු ඇති බව, එම සමීක්ෂණයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම