චීන උප අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය අතර හමුව හෙට(18) සූරිච් හිදී
2023-01-17 09:06:54
Share with:

චීන උප අග්‍රාමාත්‍ය ලියු හ මහතා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යේලන් මහත්මිය හමුවීමට සූදානම් වෙයි. හමුව හෙට(18) ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී පැවැත්වීමට නියමිත ය.

චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකාව මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා ය.

චීනයේ හා ඇමරිකාවේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අදහස් හුවමාරු මනා ලෙස පවත්වා ඇති බව ද ඇය එහිදී කීවාය. දෙරට ජනාධිපතිවරුන් බාලි දූපතේ දී එළඹ ඇති එකඟතාවන්ට අනුගතව ක්‍රියා කිරීම මෙන් ම සාර්ව ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති සමගාමී ව ක්‍රියාවට නැංවීම තහවුරු කිරීම එම සාකච්ඡාවේ දී අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20230322බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම