මෙතෙක් නොදුටු අංග රැසක් මෙවර චීන වසන්ත උත්සව ප්‍රසංගයට එක් කෙරේ
2023-01-17 09:51:39
Share with:

චීන මාධ්‍ය සමූහය 2023 වසරේ වසන්ත උත්සව ප්‍රසංගයේ 4වැනි පෙරහුරුව නිම කරයි.

එළඹෙන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන විශේෂ ප්‍රසංගයේ 4වැනි පෙරහුරුව ඊයේ (16) සිදු කෙරිණ. තාක්ෂණයෙන් කලාව ඉස්මතු කෙරෙන එම ප්‍රසංගයේ සම්ප්‍රදාය හා නවීණත්වය මුසු වේ.චීනයේ බොහෝ නිර්මාණශීලි ගායකයන් හා ප්‍රකට නළුවන් ප්‍රථම වරට මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට එක්වීම විශේෂත්වයකි.

සොං සහ යුවාන් රාජවංශවල දකුණු චීනයේ Pu xian නම් ජනප්‍රිය ප්‍රාදේශීය ඔපෙරාව සහ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක ද්‍රව්‍යත්මක නොවන සංස්කෘතික උරුම නාමාවලියට ඇතුළත් කෙරුණු, අග්නිදිග චීනයේ ෆු චියෙන් පළාතේ දකුණු ප්‍රදේශයේ Nan yin නම් ජනප්‍රිය සාම්ප්‍රදායික සංගීත කලාව, මෙවර වසන්ත උත්සව ප්‍රසංගයේ දී පළමු වරට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම ද සුවිශේෂී වේ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම