රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
2023-01-17 16:22:00
Share with:

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විශේෂ තීරණයක් ගෙන තිබේ.

මෙම තීරණයට අනුව විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමටත්, විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

2023 වසරේ රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, නව ආදායම් රැස්කිරීම සඳහා යම් කාලසීමාවක් ගතවන බැවින් ඉහත  තීරණය ක්‍රියාත්මක කෙරේ.

මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම