2022 දෙසැම්බරයේ එතෙර ශ්‍රී ලාංකිකයන්ගෙන් ඩොලර් කෝටි 47ක් මෙරටට
2023-01-17 16:24:04
Share with:

පසුගිය දෙසැම්බර් මාසයේදී ඇ.ඩො මිලියන 478ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. 2022 දෙසැම්බර් මාසයේ විදේශ විනිමය ලැබීම් ඉහළ ගිය ද එම වසරේ මෙරටට ලැබුණු මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො බිලියන 3.8ක් පමණක් බව මහ බැංකුව කියා සිටී.

ඒ අනුව 2021 වසරේ ජූනි මාසයේ සිට 2022 වසරේ දෙසැම්බර් මාසය දක්වා වූ මාස 18ක කාලය තුළ විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් මාසයකදී මෙරටට එවූ වැඩිම විදේශ විනිමය ප්‍රමාණය මෙය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

වසර 2021දී විදේශගත ශ්‍රමිකයන් විසින් ඩොලර් බිලියන 5ක මුදලක් ශ්‍රී ලංකාවට එවා ඇත. එම මුදල හා සසඳා බලන විට වසර 2021ට සාපේක්ෂව වසර 2022දී සේවක ප්‍රේෂණ මුදල් ප්‍රමාණය 31%කින් අඩු වී තිබේ.

වසර 2020දී ශ්‍රී ලංකාවට විදේශගත ශ්‍රමිකයන් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් තරම් අති විශාල මුදලක් එවා තිබූ ඉතිහාසයක් ඇතැයි ද පවසන මහ බැංකුව මේ වන විට ක්‍රමිකව විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය වැඩිවීමේ ප්‍රවණතාවක් මතු වී ඇතැයි ද සඳහන් කර සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම