නේපාල ගුවන් අනතුරෙන් විපතට පත්වූවන් පිළිබඳව චීන ජනපති නේපාල ජනාධිපතිනිය වෙත ශෝකය පළ කරයි
2023-01-17 18:23:15
Share with:

නේපාලයේ සිදු වූ ගුවන් අනතුර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නේපාල ජනාධිපතිනි Bidhya Devi Bhandari මහත්මිය වෙත සංවේගය පළ කරයි.

නේපාලයේ සිදු වූ ගුවන් අනතුරෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වීම පිළිබඳව තමා කම්පනයට පත්වූ බව ෂී ජින්පිං මහතා ඊයේ(16) සිය ශෝක පණිවිඩයෙන් ප්‍රකාශ කළේය. චීන රජය හා ජනතාව වෙනුවෙන්, අනතුරට ගොදුරුවූවන් වෙත දැඩි ශෝකය පළ කරන අතර ඔවුන්ගේ ඥාතීන්ට හෘදයාංගම සංවේගය පළ කරන බවද ඔහු කියා සිටියි.

මේ අතර චීන අගමැති ලී කච්‍යං මහතා ද නේපාල අගමැති Pushpa Kamal Dahal මහතා වෙත සංවේගය පළ කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම