ලෝක ආර්ථික පුනර්ජීවනයට වැඩි විශ්වාසය හා බලය එකතු කිරීමට චීනය සූදානම්
2023-01-17 17:13:06
Share with:

ලෝක ආර්ථික පුනර්ජීවනයට වඩාත් වැඩි විශ්වාසය හා බලය එකතු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ජගත් වෘත්තීය ආයතන චීන ආර්ථිකය කෙරේ පළ කළ සර්වශුබවාදී ඇස්තමේන්තුව පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු අද(17) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව සඳහන් කළේය.

චීනය වසංගත පාලන ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය කිරීම, ලෝක ආර්ථික පුනර්ජීවනයට දැවැන්ත ප්‍රතිලාභ ගෙන දෙනු ඇතැයි බොහෝ ජගත් වෘත්තීය ආයතන අදහස් පළ කිරීම චීනයේ අවධානයට ද ලක්වූ බව ඔහු කීය. චීන රජය ගත් පියවර, වසංගත පාලනය හා ආර්ථික සමාජීය සංවර්ධනය ඉහල කාර්යක්ෂමතාවෙන් යුක්තව සම්බන්ධීකරණය කිරීම සඳහා ගත් නිවැරදි පියවරකි. රටේ නිෂ්පාදන හා ජන ජීවිත‍ පුනරුත්ථාපනය කඩිනම් වීමත් සමගම චීනයේ ආර්ථික සමාජ ප්‍රාණවත්භාවය හා කාර්යක්ෂමතාව තව තවත් එළි දැක්වෙනු ඇත. එය ලෝක ආර්ථික පුනර්ජීවනයට වඩාත් වැඩි විශ්වාසය හා බලය එකතු කරනු ඇති බව ද ඔහු කියා සිටියේය.  

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම