චීන එන්නත් වල ආරක්ෂාව හා ඵලදායිතාව කිසිදු අසත්‍ය ප්‍රචාරයකට කිසි විටක වෙනස් කළ නොහැක
2023-01-17 16:33:35
Share with:

"ඇමරිකාව චීන එන්නත් පිළිබඳ අසත්‍ය තොරතුරු රැසක් ප්‍රචාරය කරන බව‍ට" Yale විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය ආයතනයේ සහකාර මහාචාර්යවරයෙකු වන ChenXi මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇමරිකානු මහජන ගුවන්විදුලිය (NPR) මෑතක දී ලිපියක් පළ කළේය. චීන එන්නත් සම්බන්ධව සිදු කරන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ඇමරිකානු මාධ්‍ය වගකිව යුතු බව ද එමගින් අවධාරනය කළේය.

චීන එන්නත්වල ගුණාත්මකභාවය විද්‍යානුකූල පදනම මත රඳා පවතී. එමෙන්ම වර්තමානයේ දී බහුවිධ තාක්ෂණික මාර්ග සහිතව එකවර නව කොරොනා එන්නත් නිෂ්පාදන කිරීමේ හැකියාව ඇති ලොව එකම රට වන්නේ චීනයයි. චීනය විසින් අනුගමනය කරන එන්නත්වලින් වෛරස අඩපණ කිරීමේ තාක්ෂණය ගෝලීය වශයෙන් පිළිගත් පරිණත සහ ස්ථාවර තාක්ෂණයකි.

වයස අවුරුදු 60ට අඩු වැඩිහිටියන් සඳහා චීනයේ නිෂ්පාදනය කෙරෙන එන්නත් මගින් ලබා දෙන ඉහළ රෝග ආරක්ෂක ධාරිතාව, ඇමරිකාවේ Pfizer සහ Moderna සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද mRNA එන්නත් හා සමාන වන බව හොංකොං විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයෙකු වන මහාචාර්ය Ben Cowling සහ ඔහුගේ කණ්ඩායම 2022 මුල් භාගයේ දී හොංකොංහි නව කොරොනා ආසාදිතයන්ගේ සාම්පල 20000ක් පමණ විශ්ලේෂණය කරමින් සොයා ගත්තේය. චීන එන්නත් වල ඵලදායිතාව පිළිබඳ සැකයන් අසත්‍ය බව ද ඔහු පැවසීය.

තමන්ගේම ක්‍රමවේදයන්හි ඉහළ ප්‍රමුඛත්වය මත විශ්වාසය තබමින්, චීනය වසංගතය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට ඵලදායී මාවතක් ආරම්භ කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයේ නව කොරොනා එන්නත් වර්ග 3ක් හදිසි භාවිත ලැයිස්තුවට ද ඇතුළත් කර ඇත. එමෙන්ම රටවල් 100කට වැඩි ප්‍රමාණයක් චීන එන්නත් භාවිතය අනුමත කර ඇත. තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චිලී රාජ්‍යය ඇතුළු රටවල් 30කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් ද චීන එන්නත්කරණය සිදු කර තිබේ. රටවල් රැසක් කුඩා ළමුන් සඳහා එකම එන්නත ලෙස චීන එන්නත් භාවිත කරයි. ජාත්‍යන්තර ප්‍රජාව චීනයේ එන්නත් සම්බන්ධයෙන් "විශ්වාසය පිළිබඳ ඡන්දයක්" ද ප්‍රකාශ කර ඇත. එම පොදු මතය කිසිදු අසත්‍ය ප්‍රචාරයකට කිසි විටක වෙනස් කළ නොහැකිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම