සත්ව සංරක්ෂණයට හා සත්ව උද්‍යාන කළමණාකරණයට ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමේ සැලසුමක්
2023-01-17 16:23:01
Share with:

සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමට වනජීවී  හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 800ක් පමණ සිටියද ඔවුන්ට වැඩිදුර පුහුණුව සඳහා විදිමත් ආයතනයක් නොමැති බව අමාත්‍යංශය පවසයි.

එමෙන්ම පසුගිය කාලය තුළ දෙස් විදෙස් ශිෂ්‍ය කණ්ඩායම් 300ක් පමණ වනසත්ව සංරක්ෂණය හා සත්වෝද්‍යාන කළමනාකරණය පිළිබඳ පුහුණුව ලබා ගැනීම සඳහා මෙරටට පැමිණ තිබේ. මෙතෙක් ඒ සඳහා ජාතික ඇකඩමියක් නොමැතිකම බරපතල අඩුපාඩුවක්  බව පෙනී ගොස් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම