ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ 7 වැනි සංවත්සරය අද (16)
2023-01-16 10:03:16
Share with:

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපිත කර අද(16) දිනයට වසර 7ක් සපිරේ. මෙම බැංකුව චීනය විසින් යෝජනා කෙරුණු ප්‍රථම බහුපාර්ශ්වික සංවර්ධන ආයතනය යි.

එම බැංකුව ආරම්භ කර ගෙවී ගිය වසර 7 තුළ රටවල් 30කට වැඩි ප්‍රමාණයක යටිතල පහසුකම් ඉදිකිරීම් සඳහා සහාය දක්වා ඇත. ඉන් එම රටවල ජීවනෝපාය වැඩි දියුණු වී තිබීම විශේෂත්වයකි.

2022 වසර නිමා වනවිට, අප්‍රිකානු රටක් වන මොරිටේනියාවට සාමාජිකත්වය හිමිවීමත් සමග, ලොව මහාද්වීප හයක් නියෝජනය කරන රටවල් 106ක් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකත්වය දැරීම කැපීපෙනේ. ලොව 81%ක ජනගහණයක් හා 65%ක දළ දේශීය නිෂ්පාදිත වටිනාකමක් ඉන් ආවරණය කෙරේ. සාමාජික සංඛ්‍යාවෙන් ලෝක බැංකුවට පමණක් දෙවැනි වන අන්තර්ජාතික බහුපාර්ශ්වික සංවර්ධන ආයතනයක් බවට එම බැංකුව පත්වීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම