නේපාලයේ ගුවන් අනතුරට ගොදුරු වූවන් වෙත චීනය සංවේගය පළ කරයි
2023-01-16 19:54:56
Share with:

නේපාලයේ ගුවන් අනතුරට ගොදුරු වූවන් වෙත චීනය සාතිශය සංවේගය පළ කරයි. 

නේපාලයේ සාම්ප්‍රදායික හා අවංක මිතුරෙක් ලෙස, නේපාල ජනතාව සේම අප ජනතාව ද සංවේගයෙන් පසු වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. ගුවන් අනතුරට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත තම ගැඹුරු හා අවංක ශෝකය පළ කරන බව ද හෙතෙම සඳහන් කළේය. 

ඊයේ (15) කත්මන්ඩු සිට පොක්හාරා දක්වා පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානය පොක්හාරාහිදී කඩා වැටී ගිනිබත් විය. මගීන් 68 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙක් යානයේ සිටියහ. මේ දක්වා ජීවිත ගලවා ගත් කිසිවෙකු පිළිබඳව තහවුරු කර නොමැති බව ද වාර්තා වෙයි.



ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම