සාමකාමී සහජීවනය, චීනය හා ඇමරිකාවට පොදු මූලධර්මයක් විය යුතු බව චීනය පවසයි
2023-01-16 17:12:29
Share with:

සාමකාමී සහජීවනය චීනය හා ඇමරිකාව ස්ථිරව අනුගමනය කළ යුතු මූලධර්මයක් බව චීනය පවසයි.

චීනය හුදෙකලා කොට එරටට පහර දීම නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බවද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Xie Feng මහතා අද(16) ප්‍රකාශ කළේය.

චීන -ඇමරිකා සබඳතාව සම්බන්ධයෙන් හෙතෙම මේ අදහස් පළ කළේ අද(16) පැවති 2023 වසරේ සාර්ව තත්ත්වය පිළිබඳ වාර්ෂික සාකච්ඡා මණ්ඩපය හෙවත් 4 වැනි චීන බුද්ධි මණ්ඩලයේ ජාත්‍යන්තර බලපෑම් පිළිබඳ සාකච්ඡා මණ්ඩපයේ දේශනයක් සිදු කරමිනි.

චීන -ඇමරිකා සබඳතාව ද්විපාර්ශ්වික සබඳතාවක් ඉක්මවා ලෝකයේ ඉදිරි ඉරණම හා සමීපව සම්බන්ධ වී තිබේ. චීනය සහ ඇමරිකාව සහයෝගතා පැවැත්වීමෙන් දෙපාර්ශවයට මෙන්ම ලෝකයට ද ජයග්‍රහණ හිමි වනු ඇත. දෙරට අතර ගැටුම් ඇති වුවහොත් දෙපාර්ශ්වයටම ඉන් හානි සිදු වන අතර සමස්ත ලෝකයටම එහි ඵල විපාක විඳීමට සිදු වනු ඇත.  චීන-ඇමරිකා සබඳතාව විධිමත්ව මෙන්ම ස්ථිරව සංවර්ධනය කිරීම, දෙරටේ ජනතාව සහ ලෝක ප්‍රජාව වෙනුවෙන් දැරිය යුතු සැබෑ වගකීමක් බව හෙතෙම අවධාරණය කළේය.

චීනය හා ඇමරිකාව අතර ගැටුම් ඇති වුවහොත් එය සීතල යුද්ධයක්, උණුසුම් යුද්ධයක් හෝ වේවා, වෙළඳ යුද්ධයක්, තාක්ෂණික යුද්ධයක් හෝ වේවා, එය අවසානයේ චීනයේ සහ ඇමරිකාවේ පමණක් නොව සෙසු ලෝකයේ අවශ්‍යතාවලට හානි සිදු කරනු ඇතැයි චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Xie Feng මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම