ශ්‍රී ලංකාවේ ආර්ථීක, සමාජීය සංවර්ධනයට චීනයේ ගැඹුරු සහාය
2023-01-16 20:03:03
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථීක, සමාජීය සංවර්ධනයට චීනය සැමවිටම හැකි උපරීමයෙන් සහාය ලබා දෙමින් සිටින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය හා මුහුණ දෙන අසීරුතාවන් පිළිබඳව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අසීරුතාවන් හා අභියෝග කෙරෙහි සෑම විටම අවධානය යොමු කරන චීනය, ශ්‍රී ලංකා ආර්ථීක සමාජීය සංවර්ධනයට හැකි උපරීමයෙන් සහාය ලබා දෙමින් සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය. චීනය හා සම්බන්ධ ණය කෙරෙහි ශ්‍රී ලංකාව සමඟ අදාළ මූල්‍ය ආයතන සාකච්ඡා පවත්වා, නිසි ආකාරයෙන් ණය ප්‍රශ්න විසඳා ගැනීමට චීනය අනුබල දෙයි. අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ, ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ලිහිල් කර තිරසර සංවර්ධනය ඉටු කිරීම සඳහා සක්‍රීය ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එමෙන් විදේශ ආයෝජකයින්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහතික කරමින් රටේ ආයෝජන සහ මූල්‍ය පරිසරයේ ස්ථාවරත්වය හා විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව උත්සාහයන් දරනු ඇති බවට චීනය විශ්වාස කරන්නේ යැයි ද හෙතෙම පැවසීය.      

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම