ඇමරිකානු රජයේ ණය ගැනීමේ හැකියාව උපරිම සීමාවට
2023-01-16 10:04:35
Share with:

ඇමරිකානු රජයේ ණය පරිමාණය උපරිම සීමාවට ළඟාවෙයි.

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet Yellen පසුගිය 13වැනිදා කොංග්‍රසයට මේ බව දැනුම් දුන්නාය. එරට රජයේ ණය පරිමාණය එළඹෙන 19 වනදා වනවිට උපරිම සීමාවට ළඟා වනු ඇතැයි ඇය පැවසුවාය. ණය ගිවිසුම් කඩ වීම වළක්වා ගැනීම සඳහා ණය සීමාව නැවත ඉහළ නැංවීමට හැකි ඉක්මණින් පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම්වරිය කොංග්‍රසයෙන් ඉල්ලා සිටියාය. එහෙත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මගින් පාලනය කෙරෙන රිපබ්ලිකන් පක්ෂය සෑමවිටම වියදම් අඩු කිරීම හා ණය සීමාව ඉහළ නැංවීම සමගාමීව පවත්වා ගැනීමෙහි නිරත වෙයි. වියදම් අඩු කරන ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂ පාර්ශ්වය ඊයේ(15) නැවත වරක් රජයෙන් ඉල්ලා සිටියේය.

ණය සීමාව යනු ඇමරිකානු කොංග්‍රසය විසින් ෆෙඩරල් ආණ්ඩුව වෙනුවෙන් නියම කෙරෙන ගෙවීම් සඳහා ලබා ගත යුතු උපරිම ණය ප්‍රමාණයයි. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ණය ගැනීමේ හැකියාව අවසන් වී ඇති බව ණය සීමාවේ "රතු ඉර"ට ළඟා වීමෙන් පිළිබිඹු කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම