ඉදිරි වසර දෙක තුළ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් - ජනපති පවසයි
2023-01-16 15:54:11
Share with:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

ඊයේ (15) යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

සියලු ජන කොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලු දෙනා එකට ජීවත් වන රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමිසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන්ට සහනයක් සැලසීම සඳහා සත්‍යය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

උතුරේ සහ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත්, පෙබරවාරි මාසයේදී ඒ පිළිබඳව රටට ප්‍රකාශ කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඉදිරි  වස‍ර දෙකේ දී මේ වැඩ කොටස ක්‍රමානුකූලව ඉටු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම