ගෝලීය ආර්ථිකය බිඳවැටීමෙන් ගෝලීය සමස්ත නිමැවුම 7%කින් පහළට
2023-01-16 11:12:29
Share with:

         ගෝලීය ආර්ථිකය ඛණ්ඩනය වීම ගෝලීය සමස්ත නිමැවුම 7%කින් අඩුවීමට හේතු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

         ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (15) නිකුත් කළ නව වාර්තාවකින් මේ බව හෙළි ‍වේ. ගත වූ දශක කිහිපයේ ආර්ථික ගෝලීයකරණය ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පවතී.රටවල් අතර වසර ගණනාවක් පුරා ශක්තිමත් ව පවතින වෙළඳ සම්බන්ධතා හේතුවෙන් ගෝලීය දිළිඳු ජනගහණය විශාල වශයෙන් අඩු වී තිබේ. එහෙත් එම සම්බන්ධතා කෙමෙන් ලිහිල් වීම මගින්, අඩු ආදායම්ලාභී රටවල පාරිභෝගිකයන්ට මෙන්ම සංවර්ධිත රටවල අඩු හා මධ්‍යම ආදායම් ලබන පාරිභෝගිකයන්ට වඩාත් අහිතකර බලපෑම් එල්ල වනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. ගෝලීය ආර්ථිකය ‘මූල්‍ය කලාප’ ආකෘතියට පරිවර්තනය වීම සහ ගෝලීය ගෙවුම් පද්ධතිය ඛණ්ඩනය වීම හේතුවෙන් නැගී එන‍ වෙළඳපොළ ආර්ථිකයක් සහිත රටවල් හා අඩු ආදායම්ලාභී රටවල් වැඩි අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දෙනු ඇතැයි ද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම